වෙස් නැටුම්:
උඩරට වෙස් නර්තනය ශ්‍රිලංකාවේ ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි.එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සංකේතවත් කරන ඉතාමත් වැදගත් සංස්කෘතික අංගයකි.වෙස් නර්තන කලාවේ එන ඉතාමත් වැදගත් නර්තන අංගයකි කොහොඹ කංකාරිය.මහා සම්මත රජ දවස ඔහුගේ විවාහය නිමිත්තෙන් මෙම වෙස් නර්තනය මුලින්ම නර්තනය කල බව පතපොතේ සඳහන් වේ.
වෙස් නර්තන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලය දෙවිවරු විසිහතර දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් වලින් සකස් වුවක් බව නර්තන කලාවේ සඳහන් වේ.එම නිසා නර්තන ශිල්පින් ඉමහත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිතා කරයි. නුවර ඇසල පෙරහැරේ ඉතාමත් විචිත්‍රවත් නර්තන අංගයක් ලෙස ද මෙම වෙස් නර්තන අංගයන් හැඳින්විය හැක.එය ඇසල පෙරහැරේ අනිවාර්ය අංගයකි.
වෙස් නැට්ටුවන් හට දලදා පෙරහැරෙහි කංකාරි දෙවොල් සීමාවෙන් පිටතදී නැටුම් ඉදිරිපත් කිරීමට අවශ්ථාව ලැබුණේ 19 වන සියවසෙහි අග භාගයේ සිටය. විචිත්‍ර වෙස් ඇදුමෙන් සැරසුණු වත්මන් වෙස් නැට්ටුවා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තියක් බදුය.
නෛඅඩි නැටුම:
නෛඅඩි නර්තනය රග දක්වනු ලබන්නේ කොහොඹා කංකාරිය සදහා සූදානම් වන අතරතුර එනම් පහන් දැල්වීමේදී හා යකුන්, පිශාචයන් උදෙසා පිදේනි පුදන අතරතුරදීය. නැට්ටුවා තම ඇදුම් කට්ටලය වශයෙන් සුදු රෙද්දක්, අත් පළදනා, ජඨාව, ජඨා පටිය, ශිඛා බන්දනය, දෙවුර මාලා, ශිලම්බු (පා සළඹ) සහ ගෙජ්ජි යනාදියෙන් සැරසෙයි. මෙය මහා විශ්නු සහ කතරගම දේවාල භූමියන්හි විශේෂ උත්සව අවශ්තාවන් සදහා ද ඉදිරිපත් කෙරෙන ඉතා සුන්දර නර්තනාංගයකි.
උඩැක්කි නැටුම:
උඩැක්කි නර්තනය යනු ඉතා ප්‍රසිදධ නර්තන විශේෂයකි. දෙවියන් විසින් දෙන ලදැයි සැලකෙන මෙම උඩැක්කිය අගල් 7 1/2 පමන දිගින් යුතු ඔප දැමූ බෙරයක හැඩැති වාදව භාණ්ඩයකි. පුරාණ විශ්වාසයන්ට අනුව මෙහි බෙර සම් ඊශ්වර දෙවියන්ගේද, නාදය විශ්නු දෙවියන්ගේද දායාදයන් වන අතර එය වාදනය කළ යුත්තේ ශක්‍ර දෙවියන්ගේ උපදෙස් වලට අනුකූලව දෙවියන්ගේ දේව සභාවේදීය. මෙය වාදනය කිරීමට අසීරු වාද්‍ය භාණ්ඩයකි.නැට්ටුවා විසින්ම ගායනයද සිදු කෙරෙන අතර බෙර පටි තද කරමින් හඩෙහි උස් පහත් වීම් වලට අනුව උඩැක්කිය වාදනය කළ යුතුය.
පන්තේරු නැටුම:
පන්තේරුව පත්තිනි දේව මෑණියන් හට වෙන් කෙරුණු වාද්‍ය භාණ්ඩයකි. එය හැඩයෙන් බෙර සම් රහිත රබානකට සමාන වන අතර පරිධිය වටා කුඩා අත්තාලම් සවි කර ඇත. දෙවියන් මෙය යුධ ජයග්‍රහණ සැමරීමේදී වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර පැරණි සිංහල රජවරුන් යුද්ධ භූමියන්හි ජයග්‍රහණ සැමරීම සදහා පන්තේරු නැට්ටුවන් යොදා ගෙන ඇත. පන්තේරු නැට්ටුවාගේ ඇදුම් කට්ටලය උඩැක්කි නැට්ටුවාගේ ඇදුම් කට්ටලයට බොහෝ සෙයින් සමාන වන නමුත් පබළු උරමාලයක් ඊට අඩංගු නොවේ.
වන්නම්:
ආරම්භයේදී වන්නම් යනු ගායනා විශේෂයකි. බොහෝ විට වන්නම් වලින් විස්තර කෙරෙන්නේ ඇතා, වදුරා, සාවා, මොණරා, කුකුළා, සර්පයා වැනි සත්ව විශේෂයන්හි හැසිරීම් රටාවයි. පසු කාලීනව නැට්ටුවන් විසින් වන්නම් සිය නර්තනයන්හි පසුබිම් ගායනා ලෙස යොදා ගන්නා ලදී. උඩරට නැටුම් ක්‍රමයෙහි වන්නම් 18ක් පමණ ඇත. සාම්ප්‍රදායානුකූලව වෙස් නැටුම් කට්ටලය පැළැදීමට පෙර උඩරට නැටටුවකු විසින් මේ සියලුම වන්නම් ප්‍රගුණ කළ යුතුය. මේවා අතුරින් වඩාත් ප්‍රසිදධ වන්නම් ලෙස හනුමා වන්නම (වදුරා), උකුසා වන්නම (උකුස්සා), ගජභා වන්නම (ඇතා) ගත හැක.
වන්නම් යන වචනය සෑදී ඇත්තේ වර්ණනා (සවිස්තරාත්මක වර්ණනාව) යන සිංහල වචනයෙනි. පුරාණ සිංහල ග්‍රන්ථයන්හි සැලකියයුතු වන්නම් ප්‍රමාණයක් දැකිය හැකි වුවද, පසුව ඒවා යම් නිශ්චිත අදහසක් ප්‍රකාශ කෙරෙක ඒකල නර්තනයන් සදහා සුදුසු ගායනා ලෙස අනුවර්තනය විය. ඉතිහාසයේ දැක්වෙන පරිදි ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු විසින් නර්තනයට හා සංගීතයට විශාල අනුබලයක් ලබා දී ඇත.
මෙම වන්නම් 18 පුරාණ ඉසිවරයෙකු වූ ගනිතාලංකාර විසින් මහනුවර පන්සලක විසූ බෞද්ධ හිමි නමකගේ සහය ඇතිව රචනා කරන ලදැයි සැලකේ. ස්වභාවධර්මය, ඉතිහාසය, පුරාවෘත්ත, ගැමි ආගම් ඇදහිලි ක්‍රම, ජන කලා පදනම් කරගෙන රචිත මෙම වන්නම් සෑම එකකින්ම කියම් වූ මනෝ භාවයක් ඉදිරිපත් කෙරේ. උඩරට නැටුම් ක්‍රමයේ එන වන්නම් 18 වන්නේ ගජභා, තුරගා, මයුරා, ගාහක, උරගා, මුසලඩි, උකුසා, වෛරඩි, හනුමා, සැවුලා, සිංහරාජ, නාග, කිරලා, ඊරඩි, සුරපති, ගණපති, උදාර (රජුගේ තේජස් භාවය හා ශ්‍රී විභූතිය) සහ අසදෘස වන්නම්ය. වර්ථමානයේදී මේවාට සමනළ, මහ බෝ සහ හංසා යන වන්නම් ඇතුලත් වී ඇත. වන්නම් එක් නර්තනාංගයක් කොටස් 7කින් සමන්විත වේ.
Ves Dance:
The most popular udarata form of dance originated from an ancient purification ritual, the Kohomba Kohomba Kankariya. The dance was propitiatory, never secular, and performed only by males. The elaborate ves costume, particularly the headgear, is considered sacred and is believed to belong to the deity Kohomba.
Naiyandi Dance:
Dancers in Naiyandi costume perform during the initial preparations of the Kohomba Kankariya festival, during the lighting of the lamps and the preparation of foods for the demons. The dancer wears a white cloth and white rurban, beadwork decorations on his chest, a waistband, rows of beads around his neck, silver chains, brass shoulder plates, anklets, and jingles. This is a graceful dance, also performed in Maha Visnu (Vishnu) and Kataragama Devales temples on ceremonial occasions.
Uddekki Dance:
Uddekki is a very prestigious dance. Its name comes from the uddekki, a small lacquered hand drum in the shape of an hourglass, about seven and half inches (18 centimeters) high, believed to have been given to people by the gods. The two drumskins are believed to have been given by the god Iswara, and the sound by Visnu; the instrument is said to have been constructed according to the instructions of Sakra and was played in the heavenly palace of the gods. It is a very difficult instruments to play. The dancer sings as he plays, tightening the strings to obtain variations of pitch.
Pantheru Dance:
The pantheruwa is an instrument dedicated to the goddess Pattini. It resembles a tambourine (without the skin) and has small cymbals attached at intervals around its circumference. The dance is said to have originated in the days of Prince Siddhartha, who became Buddha. The gods were believed to use this instrument to celebrate victories in war, and Sinhala kings employed pantheru dancers to celebrate victories in the battlefield. The costume is similar to that of the uddekki dancer, but the pantheru dancer wears no beaded jacket and substitutes a silk handkerchief at the waist for the elaborate frills of the uddekki dancer.
Kohomba Kankariya:
The aesthetics of Kandyan dance and it's rhythmic vigorous movements and foot work can be really appreciated in it's original setting, the "Kohomba Kankariya", a Kandyan ritual dance, performed in honor of the God Kohomba of the Kohomba tree -( Margosa, a tree of medicinal value and to invoke his blessings. There are over 30 ceremonies and over 50 dancers dance and whirl on a magnificently decorated pavilion. Attired in the traditional Kandyan dance costume. The ritual itself lasts for a week and reaches a climax in the final night and the morning after.
No women danced in the original ritual, but today, with the emergence of the theatrical women too participate in the dance, a development which has softened the masculine moves of this dynamic dance form.
The usual instruments used in the Kandyan dancing was Getaberaya the traditional drum of the hill country & a small cymbal like instrument called as 'Thalampota'. Regardless of the changes the country & its culture went through Kandyan dancing still leads the arena as the national dance form of Sri Lanka.
Wannam:
There are 18 main dances in Kandyan Style which display the dancing of Birds and Animals popularly known as “Wannam” which means “the illustration”
For example Mayura Wannama Means the dancing illustration of of the Peacock
Mayura Wannama - The dance of the Peacock
Hanuma Wannama - The dance of the Monkey
Gajaga Wannama - The dance of the Kings Tusker
Kirala Wannama - The dance of the crying Kirala Bird
Ukusa Wannaa - The dance of the Eagle
Sinharaja Wannama - The dance of the Tortoise and Lion
Turanga Wannama - The dance of the Horse
Uraga Wannama - The dance of the Snake
Musaladi Wannama - The dance of the Rabbit
Eeradi Wamnam- The dance of the soldier
0 comments:
Post a Comment